2024 වසරේදී වියානා නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඇමරිකානු පොප් තරුව ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයකට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේ අවසන් දිනය අද (28) උදාවී තිබේ.
මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි බෙරන් ඒ. (Beran A), ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළු ප්‍රධාන චෝදනා රැසකට තමන් වරදකරු බව මීට පෙර අධිකරණය හමුවේ පිළිගෙන ඇත. ඔස්ට්‍රියානු පුරවැසියෙකු වන මොහු, ප්‍රසංගයට දිනකට පෙර, එනම් 2024 අගෝස්තු 7 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සැලසුම හේතුවෙන් ප්‍රසංග තුනම අවලංගු කිරීමට සිදුවූ අතර, එය ටේලර් ස්විෆ්ට් ඇතුළු රසිකයින්ට දැඩි කලකිරීමක් ඇති කළ සිදුවීමක් විය.මීට අමතරව, මොහු තවත් පුද්ගලයෙකු සමඟ එක්ව මැදපෙරදිග ප්‍රහාර මාලාවක් සැලසුම් කළ බවට ද පිළිගෙන ඇත. කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා මෙක්කා නුවර සිදුවූ පිහි ඇනුම් සිදුවීමකට සහාය දුන් බවට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති.මෙම නඩුවේ අවසන් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා දිනයේදී ජූරි සභාවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම ප්‍රධාන චෝදනා සඳහා උපරිම සිරදඬුවම් ලෙස වසර 20ක සිරදඬුවමක් නියම විය හැකි බව වාර්තා වේ.
















