එළඹෙන වසරේ මැද භාගය වන විට, නේටෝ (NATO) සංවිධානයේ ආරක්ෂක සැලසුම්වලට අනුව එස්තෝනියාව සහ ලැට්වියාව සඳහා වූ උපක්රමික අණදෙන මූලස්ථානය ලෙස ජර්මන්-ලන්දේසි හමුදා බලකාය (German-Netherlands Corps) ක්‍රියාත්මක වනු ඇති බව ජර්මනියේ ආරක්ෂක අමාත්‍යාංශය අද (28) නිවේදනය කළේය.මෙම පියවර මගින් නේටෝ සංවිධානයේ ඒකාබද්ධතාව ශක්තිමත් කෙරෙන බවත්, රුසියාව වෙත යොමු කෙරෙන ආරක්ෂක අවහිරතා (deterrence) තවදුරටත් වර්ධනය කරන බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. රුසියාව සමඟ ඇති විය හැකි යුදමය තත්ත්වයකදී ලැට්වියාව සහ එස්තෝනියාව වෙත හමුදා කඩිනමින් යෙදවීම සඳහා නව ආරක්ෂක ව්‍යුහයක් සකස් කරන බවට නේටෝ සංවිධානය මීට පෙර පියවර ගෙන තිබුණි. මෙම නව ව්‍යුහය යටතේ ජර්මන්-ලන්දේසි හමුදා බලකාය එම කලාපයේ උපායමාර්ගික මෙහෙයුම් සම්බන්ධීකරණය කරනු ඇත.
















