පසුගිය වසර එකහමාරක වැනි කෙටි කාලයක් තුළ රජය විසින් මෙරට ආර්ථිකය ස්ථාවර කර, ජනතාවගේ දිගුකාලීන වාහන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වසර පහක පමණ කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ වාහන ආනයන කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජය පියවර ගත් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉකුත් වසරේ පමණක් ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවත්, එය රජයේ සාර්ථක ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බවත් හෙතෙම අවධාරණය කළේය.
















