හොංකොං හි පැවැත්වෙන 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ගෞරවය අත්කර දෙමින් මීටර් 1,500 බාලිකා ධාවන තරගයේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් විය.
ඇය මෙම ඉසව්ව නිමා කිරීම සඳහා වාර්තා කළ කාලය විනාඩි 04යි තත්පර 31.41කි. ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාවේ නාමය බබළවමින් ඇය ලැබූ මෙම ජයග්‍රහණය ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ.
















