හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේගේ සමීපතම අනුගාමිකාවක සහ ප්‍රබල දකුණුපන්තික දේශපාලනඥවරියක වන පැලෝමා වැලෙන්සියා (Paloma Valencia), කොලොම්බියාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. 48 හැවිරිදි වියේ පසුවන ඇය කොලොම්බියාවේ පළමු කාන්තා ජනාධිපතිනිය ලෙස තේරී පත්වීමේ අපේක්ෂාවෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙයි.
වර්තමාන වාමපන්තික රජය යටතේ රටේ ආරක්ෂාව සහ ආර්ථිකය පිරිහී ඇති බව පවසන වැලෙන්සියා, උරිබේ පාලන සමයේ සාර්ථක වූ ආරක්ෂක ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කිරීමට සහ ආර්ථිකය යළි නඟා සිටුවීමට පොරොන්දු වේ. ඇය ප්‍රකාශ කරන්නේ උරිබේගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ සාර්ථක වැඩපිළිවෙලවල් තමන් විසින් නැවත ක්‍රියාවට නංවන බවයි.
මැයි 31 දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ පළමු වටයේදී ප්‍රබල අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරියෙන් සිටින අතර, කිසිදු අපේක්ෂකයෙකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවහොත් ජුනි මාසයේදී දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. දශක හයකට අධික කාලයක් පැවති සන්නද්ධ ගැටුම්වලින් දැඩි බලපෑමට ලක් වූ කෝකා (Cauca) පළාතෙන් පැමිණි ඇය, සන්නද්ධ කණ්ඩායම් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට විරුද්ධ වන අතර ආක්‍රමණශීලී ආරක්ෂක පියවරයන් ගනු ඇතැයි අවධාරණය කරයි.















