මත්තල පොලිස් වසමට අයත් මහඅලුත්ගම්ආර, මල්අස්නාගල පුදබිම ආසන්නයේ නිදන් හෑරීමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පන්වැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත් විය.
පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සූරියවැව, ඇඹිලිපිටිය පාර සහ සූරියවැව, වැවේගම ප්‍රදේශවල පදිංචි 58 සහ 52 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
සිද්ධිය වූ ස්ථානයේ තිබී නිදන් හෑරීම සඳහා යොදාගත් වෙඩි බෙහෙත්, කම්බි සහ වයර් ඇතුළු උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















