අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදු කර, ඔහුගේ ත්‍රිරෝද රථයට ද ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (28) අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙපාර්ශවය අතර පැවති පැරණි කෝන්තරයක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරගල්ල සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.















