ලෝක පරිසර දිනයට සමගාමීව, ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ ‘අලියා වැටුණු වැව’ වනාන්තරය නිල වශයෙන් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ වන සතුන්ගේ වාසභූමි සුරැකීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙය සිදු කෙරේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම වනාන්තරය හෙක්ටයාර් 69.27ක භූමි ප්‍රමාණයකින් සමන්විත වේ. වියළි කලාපීය ලක්ෂණවලින් යුතු මෙම වනාන්තර පද්ධතිය අලි ඇතුන් ඇතුළු විවිධ සත්ත්ව ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය වාසස්ථානයක් සපයන අතර, වනාන්තරය මැද පිහිටි ජල මූලාශ්‍රය සතුන්ගේ ජල අවශ්‍යතාව සපුරාලීමට ඉවහල් වේ.
ජල උල්පත් සඳහා පෝෂක ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරන මෙම වනාන්තරය, ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
















