කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ සිරි සුමනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ අනුනායක, ශාස්ත්‍රපති පූජ්‍ය වටගෙදර විමල බුද්ධි අනුනායක ස්වාමීන් වහන්සේගේ සුරතින් ධාතු මන්දිරය නිරාවරණය කිරීම සිදු කෙරිණි. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රදේශවාසී සැදැහැවත් පින්වතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
















