2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පතට පෙර, සියලුම කණ්ඩායම් පහ සඳහා ශ්‍රී ලංකා තරු ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සමන්විත සෘජු ක්‍රීඩක ගිවිසුම්ගත ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ කැප්ස් (Colombo Kaps) – කුසල් මෙන්ඩිස්, ජේම්ස් නීෂම්, කමිඳු මෙන්ඩිස්, බෙන් මැක්ඩර්මොට්. දඹුල්ල සික්සර්ස් (Dambulla Sixers) – දිනේෂ් චන්දිමාල්, සහිබ්සාදා ෆර්හාන්, දුෂ්මන්ත චමීර, රීසා හෙන්ඩ්‍රික්ස්. ගාල්ල ගැලන්ට්ස් (Galle Gallants) – දසුන් ශානක, රෑසී වැන්ඩර් ඩසන්, ඊෂන් මාලිංග, සිකන්දර් රාසා. යාපනය කිංග්ස් (Jaffna Kings) – භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ, ටස්කින් අහමඩ්. මහනුවර රෝයල්ස් (Kandy Royals) – වනිඳු හසරංග, මොයින් අලි, ඇන්ජලෝ මැතිව්ස්, විජේ ශංකර්.
















