පවත්නා දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් වත්මන් පාලනය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ රට ඉදිරියට ගෙන යා හැකි දක්ෂයෙකු වෙත පාලනය භාරදීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ “අනුරට ගෝඨාභය ඉක්මනින් හමුවේවි, පුළුවන් කෙනෙකුට රට භාරදීම හැර වෙන විකල්පයක් නෑ” යනුවෙනි.
















