ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකට තමන් කොන්දේසි පනවා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. රටට ආධාර හෝ ආයෝජන ලබා ගැනීම සඳහා කිසිදු බාධාවක් හෝ කොන්දේසියක් තම ආයතනය මගින් පනවා නොමැති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය මෑතකදී අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය මෙම කරුණු තහවුරු කරන ලදී. එම ප්‍රකාශයට අනුව, IMF සමඟ පවතින ගිවිසුම නිසා ඩොලර් මිලියන 23ක් ලංකාවට ගෙන ඒමට නෛතික බාධාවක් මතුව ඇති බව සංගීත් විජේසූරිය පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති එකක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇති අතර, ඉදිරියේදී මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බව ද දන්වා සිටියි.
















