මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක් හේතුවෙන් ඇති වූ දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේ දරුවන්ගේ පියා විසින් හෝටල් කාමරයේ දොර පිටතින් වසා දමා ගොස් තිබූ බවයි. එම අවස්ථාවේ කාමරය තුළ තිබූ මෙට්ටයක හටගත් ගින්නක් හේතුවෙන් පිටවූ අධික දුමාරය ආඝ්‍රාණය වීමෙන් මෙම දරුවන් දෙදෙනා හුස්ම හිරවී මියගොස් ඇත.
මෙම සිද්ධිය පිටුපස සැක සහිත මූල්‍යමය හෝ වෙනත් වංචනික ක්‍රියාවක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
















