කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් පීඑල්සී (HNB Finance PLC) හි දෙවැනියට විශාලතම කොටස් හිමියා ලෙස කටයුතු කළ ප්‍රයිම් ලෑන්ඩ්ස් (PRIME LANDS (PVT) LTD) සමාගම, අද (29) පෙරවරුවේ සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය විකුණා දමා ඇත.
HNB ෆිනෑන්ස් සමාගමේ නිකුත් කර ඇති මුළු කොටස් ප්‍රාග්ධනයෙන් 23.29%ක කොටස් හිමිකාරීත්වයක්, එනම් කොටස් මිලියන 400ක් ප්‍රයිම් ලෑන්ඩ්ස් සතු විය. එක් කොටසක් රුපියල් 8.80 බැගින් මෙම ගනුදෙනුව සිදුවී ඇති අතර, ඒ අනුව ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 3.52ක් ලෙස වාර්තා වේ.
ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ සභාපති බී. ප්‍රේමලාල් මහතා මීට පෙර HNB ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
















