BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා වාහන සේවා වාර සහ අලුත්වැඩියාවන් 20,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයින් අතර නව බලශක්ති වාහන (NEV) සඳහා පවතින ඉහළ ඉල්ලුම සහ JKCG Auto සමාගම සිය සේවා ජාලය පුළුල් කිරීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීම මනාව පැහැදිලි කරයි.
වාහන ආනයනය නැවත ආරම්භ වීමෙන් පසු කෙටි කලක් තුළ ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළේ ප්‍රබල ස්ථානයක් දිනා ගැනීමට BYD සමත්ව ඇත. මෙරට ලියාපදිංචි අලුත් වාහනවලින් (brand new) 37%ක් සහ සමස්ත විද්‍යුත් වාහන ලියාපදිංචියෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් BYD සතු වීම විශේෂත්වයකි.
වර්ධනය වන ඉල්ලුමට සරිලන පරිදි JKCG Auto කොළඹ, වත්තල, මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ අම්පාර යන ප්‍රදේශ ආවරණය වන පරිදි සේවා මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කර ඇත. මේ වන විට දිවයින පුරා දිනකට වාහන 200කට වඩා වැඩි සංඛ්‍යාවකට සේවා සැපයීමේ හැකියාව ඇති අතර, එම කටයුතු BYD සහතිකය ලත් විශේෂඥයන් 150කට වැඩි පිරිසක් විසින් මෙහෙයවනු ලබයි.
සේවා ජාලයට අමතර ශක්තියක් ලෙස සීදූව ප්‍රදේශයේ එකවර වාහන 100කට වැඩි සංඛ්‍යාවක් හැසිරවිය හැකි ශ්‍රී ලංකාවේ විශාලතම අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා සහ නඩත්තු මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. එසේම, පාරිභෝගික පහසුව උදෙසා දිවයින පුරා වේගවත් charge කිරීමේ ස්ථාන 43කට වැඩි සංඛ්‍යාවක් සහ සෑම වාහන හිමියෙකුටම 7kW නිවසේ භාවිත කළ හැකි charger එකක් ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට එක් වූ BYD ආසියා-පැසිෆික් කලාපීය මෝටර් රථ අලෙවි අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සහ අලෙවියෙන් පසු සේවා අධ්‍යක්ෂ පීටර් ෆෙන්ග් මහතා සඳහන් කළේ, වසරක් වැනි කෙටි කාලයක් තුළ වාහන සේවා වාර 20,000ක් සම්පූර්ණ කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. ජනතාව අපේක්ෂා කළාටත් වඩා වේගයෙන් විද්‍යුත් වාහන භාවිතයට යොමු වෙමින් පවතින බවත්, එම ගමනට JKCG Auto නිවැරදිම සහකරු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
















