චීනයේ වයඹදිග ෂින්ජියැං උයිගුර් ස්වයංපාලන ප්‍රදේශයේ ටර්පන් (Turpan) නගරය ආසන්නයේ අද (29) පස්වරුවේ රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
චීන භූ කම්පන ජාල මධ්‍යස්ථානයට (CENC) අනුව, මෙම කම්පනය එරට වේලාවෙන් පස්වරු 2.55ට (පෙ.ව. 06:55 GMT) පමණ වාර්තා වී ඇත. මෙහි අපිකේන්ද්‍රය උත්තර අක්ෂාංශ 42.20ක් සහ නැගෙනහිර දේශාංශ 88.22ක් ලෙස හඳුනාගෙන ඇති අතර, එය කිලෝමීටර් 20ක ගැඹුරකදී සිදුව තිබේ.
මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැත.
















