ජගත් පරිසර දිනය නිමිත්තෙන් හෙට (30) සිට ජුනි 05 වැනි දින දක්වා ජාතික පාරිසරික සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. “දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාව මගින් ආකල්ප වර්ධනය, වායු දූෂණ පාලනය, ජෛව විවිධත්වය සුරැකීම, ජල සංරක්ෂණය සහ වෙරළ පවිත්‍ර කිරීම වැනි ක්ෂේත්‍ර ඔස්සේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
ජගත් පරිසර දින ජාතික සැමරුම ජුනි 05 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, අනාගත දේශගුණික අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් පරිසර පද්ධතියක් ගොඩනැගීම කෙරෙහි මෙවර විශේෂ අවධානයක් යොමු වී ඇත.
මීට අමතරව, ‘දලුලන්න ඉඩදෙන්න’ ජාතික වැඩසටහන යටතේ මේ වන විට හෙක්ටයාර 63,000කට වැඩි වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ජගත් පරිසර දිනයට සමගාමීව තවත් වනාන්තර 5ක් රක්ෂිත ලෙස ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.
















