ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන ජුලි මස 07 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අද (29) දින මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.
















