ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ලබන ජුලි මස 07 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කර තිබේ.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද දින අවසන් කෙරුණු අතර, ඉන් අනතුරුව නඩුව විභාගයට ගැනීමට මෙලෙස අධිකරණය විසින් දින නියම කර ඇත.
















