සම්බුදු තෙමගුල සිහිකෙරෙන අති උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උත්තරීතර සිදුවීම් තුනම සිදුවූයේ මෙවන් වූ වෙසක් පුන් පොහෝ දිනයකදීය. ශාසනික වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන මෙම පොහෝ දිනය, ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මහත් බැතියෙන් යුතුව සමරනු ලබයි.
















