මෙවර වෙසක් දිනයේදී, ධම්මපදයේ සඳහන් ‘තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත’ යන මහා පාඩම අප සියලු දෙනාම ජීවිතයට ළඟා කර ගැනීමට අදිටන් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ බවයි. ජාති, ආගම් හෝ කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, සමස්ත ලෝකවාසී ජනතාවට සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කර සිටියි.
















