වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සිරකරුවන් 61 දෙනෙකු සඳහා ජනාධිපති සමාව පිරිනමා ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මෙම පිරිසෙන් සිරකරුවන් 33 දෙනෙකු අද (30) දිනයේදී බන්ධනාගාරවලින් නිදහස් වීමට නියමිත බවයි. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා මෙම තොරතුරු තහවුරු කළේය.
















