ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව එළඹෙන 31 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. එහිදී වෛභව් සූර්යවංශි ලකුණු 96ක්, රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 45ක් සහ ඩොනොවන් ෆෙරෙයිරා නොදැවී ලකුණු 38ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීය. පන්දු යැවීමේදී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ජේසන් හෝල්ඩර් සහ කගීසෝ රබාඩා කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය. නායක ශුබ්මන් ගිල් විශිෂ්ට ශතකයක් (ලකුණු 104) වාර්තා කළ අතර, සායි සුදර්ශන් ලකුණු 58ක් ලබා ගනිමින් ජයග්‍රහණයට මඟ පෑදීය.
















