අධිකරණ ක්ෂේත්‍රය තුළ මේ වන විට 2,600කට අධික පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවේදී අදාළ නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 වසරෙන් පසු මෙම ක්ෂේත්‍රය තුළ නව බඳවා ගැනීම් නිසි ලෙස සිදු නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.
මෙම පුරප්පාඩු හේතුවෙන් අධිකරණ පද්ධතියේ දෛනික කටයුතු සහ නඩු කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි බලපෑම් එල්ල වී ඇති අතර, ඒවා කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
















