අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඤාණතිලක හිමියන් පත් කර තිබේ. මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම විහාරය දැනුම් දෙයි.
එමෙන්ම අද (30) රැස්වූ මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් අටමස්ථානාධිපති ධුරයේ කටයුතු කළ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කර ඇත. උන්වහන්සේට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් එම පදවිය අත්හිටුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
















