වෙසක් පොහොය දිනය යෙදී තිබියදී බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරමින් සිටි කටුනායක ප්‍රදේශයේ තරු පන්තියේ අවන්හලක් අද (30) වටලා තිබේ.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එම අවන්හලේ තිබී බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් 90ක් පොලිස් භාරයට ගෙන ඇත. එම අවන්හලේ කළමනාකරු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සහ අත්අඩංගුවට ගත් මත්පැන් තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ පොලිස් ස්ථානය වෙත යොමු කිරීමට නියමිතය.
















