හොංකොංහි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක සදෙව් රාජකරුණා, පිරිමි මීටර් 200 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දක්වමින් මෙම ඉසව්වට එක්වූ සදෙව්, තරගය තත්පර 21.13ක කාලයකින් නිමා කරමින් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමිකර දුන්නේය. ඔහුගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගත බලාපොරොත්තු ඉහළ නංවන තවත් වැදගත් සන්ධිස්ථානයක් වේ.
















