හොංකොංහිදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමිකර දෙමින්, මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග ඉසව්ව ඉතා විශිෂ්ට තරගකාරීත්වයකින් යුතුව නිමා කිරීමට සමත් වූයේ මිනිත්තු 3:28.66ක කාලයක් වාර්තා කරමිනි. හොංකොංහි පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙන්වන මෙම විශිෂ්ට දක්ෂතා රටට මහත් ගෞරවයක් ගෙන දෙන්නකි.
