ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර මෙම මස මුලදී පැවති සමුළුවෙන් පසු දෙරට අතර පැවති උණුසුම්කාරී තත්ත්වය යම් තරමකින් පහව ගියද, චීනයෙන් එල්ල වන “දැඩි තර්ජනය” (severe threat) තවදුරටත් පවතින බව පිලිපීන ආරක්ෂක අමාත්‍ය ගිල්බෙර්ටෝ ටියෝඩෝරෝ මහතා පවසයි.
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුව වන ‘ෂැංග්‍රි-ලා’ (Shangri-La) දේශනයට සමගාමීව රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඇමරිකාව සහ චීනය වැනි රටවල් අතර පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමට උත්සාහ කිරීම ස්වාභාවික බවත්, ආරක්ෂක අංශවලින් සමාන මට්ටමක පවතින විට එම රටවල් දෙක අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ හැඩගැසීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
