වන අලි විසින් විනාශ කරන ලද නිවාස වෙනුවෙන් රජයෙන් ලබා දී ඇති වන්දි මුදල ඉතා ප්‍රමාණවත් නොවන බව පවසමින් තණමල්විල ප්‍රදේශයේ ගම්වාසීන් සිය නිවසේ තිබූ ඇඳක් පාර මැදට දමා මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.වන අලින් විසින් නිවස නැවත නැවතත් විනාශ කරන බවත්, කතා කිරීමට නොහැකි දරුවෙකු සමඟ තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවත් විරෝධතාකරුවෙක් පවසා ඇත.තමන්ට සිදුවන හානි පිළිබඳව බලධාරීන්ගේ ඇස් තවමත් ඇරී නොමැති බව විරෝධතාකරුවන් චෝදනා කරයි.අඩු වන්දි මුදලට විරෝධය පළ කරමින් තමන්ගේ නිවසේ තිබූ ඇඳ පවා පාර මැදට ගෙනැවිත් තිබුණේ දැඩි කලකිරීම නිසාය.















