මාතර, නාවිමන පිහිටි සාර්ක් සංස්කෘතික මධ්යස්ථාන පරිශ්රය ශ්රී ලංකා සාගර විශ්වවිද්යාලය ස්ථාපිත කිරීම සඳහා අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය වෙත පවරා ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අක්කර 11ක භූමි ප්රමාණයක පිහිටි මෙම පරිශ්රයේ වර්ග අඩි 200,000ක පමණ ගොඩනැගිලි ඉදිකර ඇති අතර, ඒවායේ ඉදිකිරීම් තවමත් අර්ධ වශයෙන් නිම කර තිබේ.
දැනට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලි කිහිපයක පවත්වාගෙන යන ශ්රී ලංකා සාගර විශ්වවිද්යාලය ස්ථාපිත කිරීම සඳහා මෙම පරිශ්රය යොදා ගැනීම යෝග්ය බව හඳුනාගෙන තිබේ. ඒ සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ එකඟතාව ද ලැබී ඇත.
අදාළ පරිශ්රය අධ්යාපන අමාත්යාංශය වෙත පවරා ගැනීම සඳහා අග්රාමාත්යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
















