හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට එරෙහිව අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ.
එමෙන්ම, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන 39, 40, 41 සහ 24 යන සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
අමාත්යවරයකු ලෙස කටයුතු කළ සමයේ සිය නීත්යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස අත්පත් කරගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරේ. ඇප මත සිටින විමල් වීරවංශ මහතා ද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
















