සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (මැයි 31, 2026) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගිය 15 වැනිදා නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මේ බව දැනුම් දී ඇත. මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ පරිසර අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සහ එකඟතාව මත වන අතර, රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් වහාම පියවර ගෙන ඇත. 2025 වසරේ ජගත් පරිසර දිනයේදී ලබාදුන් පොරොන්දුවට අනුව, ප්ලාස්ටික් සහ පොලිතීන් අවම කිරීමේ වැඩපිළිවෙල මෙලෙස සියලු රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.















