මීගොඩ ප්‍රදේශයේදී දන්සලක් අසල රැඳී සිටි පිරිසකගේ කැබ් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ රියදුරු බීමත්ව සිටි බව පොලිසිය විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.
අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෙම කැබ් රථය, හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ පිහිටි දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් මතට කඩා වැදීමෙන් මෙම ඛේදවාචකය සිදුවිය. අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු එම ස්ථානයේදීම හෝ රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටිති.
අත්අඩංගුවට ගත් රියදුරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කර වාහනය පදවා ඇති බව අනාවරණය වී ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
















