එරගම ප්‍රදේශයේදී වයස අවුරුදු 14ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එරගම පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රථම සැකකරු 2026 මැයි 08 වන දින අත්අඩංගුවට ගෙන ඇත. එරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මෙම සැකකරු 2026 මැයි 09 වන දින අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, පසුව නියෝග අනුව 2026 ජුනි 03 වන දින දක්වා එම බන්ධනාගාර ගත කිරීම දීර්ඝ කෙරිණි.
එම අපරාධයේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිටියදී, 2026 මැයි 20 වන දින නීතිඥවරයෙකු මාර්ගයෙන් අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එරගම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි මවුලවිවරයෙකු වන මෙම සැකකරු ද 2026 ජුනි 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















