• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවෙන් පැන්නූ දූෂිත නිලධාරිනිය පේරාදෙණියේ ලේඛකාධිකාරී තනතුරට උපකුලපති මධුජිත් විසින් නැවත පත්කරයි

1 June 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවෙන් පැන්නූ දූෂිත නිලධාරිනිය පේරාදෙණියේ ලේඛකාධිකාරී තනතුරට  උපකුලපති මධුජිත් විසින් නැවත පත්කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE – කෝප් කමිටුව) විසින් මීට පෙර දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර තනතුරෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන ලද දූෂණ සහ අපරාධ චෝදනාලත් නිලධාරිනියක, වත්මන් පාලනාධිකාරිය විසින් නැවත වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස්ම පරිපාලන තනතුරක් වන වැඩබලන ලේඛකාධිකාරී (Acting Registrar) තනතුරට පත් කරමින් මෙරට නීතිය, සදාචාරය සහ පාර්ලිමේන්තු බලතල මුළුමනින්ම අභියෝගයට ලක් කර ඇති බවට බරපතළ පරිපාලන දූෂණ චෝදනාවක් කරළියට පැමිණ තිබේ.
මෙසේ නැවත පත්වීම් ලබා ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියක ලෙස කටයුතු කරන එම්.ජී.ජයන්තා ධර්මසිරි නැමැත්තියයි. 2023 මාර්තු මාසයේදී රැස්වූ කෝප් කමිටුව විසින් ඇයව වහාම ලේඛකාධිකාරී තනතුරෙන් ඉවත් කරන ලෙස නිල වශයෙන් නිර්දේශ කර තිබුණේ, එම ජ්‍යෙෂ්ඨ තනතුරට අදාළ කිසිදු පශ්චාත් උපාධි සුදුසුකමක් සපුරා නොමැතිව, මූලික උපාධියක් පමණක් ඇතිව ඇය එම තනතුරේ කටයුතු කිරීම හේතුවෙනි. ඊට අමතරව, ඇය විසින් නීති විරෝධී දීමනා ලෙස රජයේ මුදල් රුපියල් ලක්ෂ 16 කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත්, එම මුදල් වහාම ඇයගෙන් අයකර ගන්නා ලෙසත් කෝප් කමිටුව නියෝග කර තිබුණි.
එම නිර්දේශයෙන් පසු ඇයව තනතුරෙන් ඉවත් කර, අදාළ ලක්ෂ 16 ක මුදල් වංචාව සෙවීමට විශ්වවිද්‍යාලය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කරන ලදී. විශ්‍රාමික ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක, විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්.කරුණාතිලක සහ ගණකාධිකාරී පී.ඩී.ඒ.ද අල්විස් යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව දීර්ඝ විමර්ශනයකින් පසු 2024 දෙසැම්බර් මාසයේදී සිය නිල වාර්තාව බාර දෙමින් ස්ථාවර නිර්දේශ දෙකක් ලබාදී තිබුණි. එනම්, අනීතිකව ලබාගත් රුපියල් ලක්ෂ 16 ක මුදල වහාම ඇයගෙන් අයකර ගැනීම සහ විශ්වවිද්‍යාල පාලක සභාව (Council) නොමඟ යවමින් තමන්ට හිමි නොවන දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග (Disciplinary action) ආරම්භ කළ යුතු බවයි.
නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එම විනය පරීක්ෂණ සහ මූල්‍ය වංචා නිර්දේශ මුළුමනින්ම යට ගසමින්, වත්මන් උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ගේ සෘජු අත්සනින් යුතුව 2026 මැයි 27 දිනැති අංක PDN/NAE/PF/03 දරණ නිල ලිපිය මඟින් ජයන්තා ධර්මසිරි මහත්මියව නැවත වරක් වැඩබලන ලේඛකාධිකාරී තනතුරටම පත් කිරීමට පියවර ගෙන තිබේ.
වඩාත්ම කනගාටුදායක සහ බරපතළ කරණය වන්නේ, මෙම නිලධාරිනියට එරෙහිව රාජ්‍ය සේවකයෙකු නීති විරෝධී ලෙස පැහැරගෙන යාම සහ අඩම්තේට්ටම් කිරීම (Abduction and harassment) යන බරපතළ අපරාධ චෝදනා යටතේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ (Kandy Magistrate Court) සාපරාධී නඩුවක්ද දැනටමත් විභාග වෙමින් පැවතීමයි. මෙලෙස බරපතළ මූල්‍ය වංචා, අපරාධ නඩු සහ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ නිල නිවේදන මඟින් වරදකාරියක වූ අයෙකුට නැවතත් විශ්වවිද්‍යාලයේ ඉහළම පරිපාලන බලතල පැවරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනයේ පාරදෘශ්‍යභාවය සහ වගවීම (Accountability) මුළුමනින්ම කෙලෙසීමක් බවත්, වංචාවට එරෙහිව ජනාධිපතිවරයා ඇතුළු රජය ගන්නා ක්‍රියාමාර්ග උපකුලපතිවරයා විසින් සරදමට ලක් කිරීමක් බවත් වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීහු දැඩි පිළිකුලෙන් යුතුව පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් 2027 අයවැයට නව යෝජනා ලබා ගැනේ

Next Post

අලි ඇතුන්ගේ සුරක්ෂිත තෝතැන්නක් වන රිටිගල ජෛව විවිධත්වයෙන් පිරි අපූර්ව වනාන්තරය

Editor TTV News

Editor TTV News

Next Post
අලි ඇතුන්ගේ  සුරක්ෂිත තෝතැන්නක් වන රිටිගල ජෛව විවිධත්වයෙන් පිරි  අපූර්ව වනාන්තරය

අලි ඇතුන්ගේ සුරක්ෂිත තෝතැන්නක් වන රිටිගල ජෛව විවිධත්වයෙන් පිරි අපූර්ව වනාන්තරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved