මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියේ අද (01) දින ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් සේවා කටයුතු අඩාල වී තිබුණි.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීම, වාහන ලියාපදිංචි කිරීම ඇතුළු අනෙකුත් සේවාවන් සඳහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වූහ. කෙසේ වෙතත්, මේ වන විට අදාළ තාක්ෂණික ගැටලුව නිරාකරණය කර පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, ජනතාවට බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සේවා ලබා ගැනීමේ හැකියාව පවතී.
















