දකුණු කළුතර, වෙට්ටුමකඩේ ප්රදේශයේදී පසුගිය 28 වනදා උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණි. බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
















