ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරඟාවලියේ 6 වැනි අදියර සඳහා වන නිල ක්රීඩක කෙටුම්පත (Player Draft) අද (ජුනි 01) පස්වරු 1.30 ට කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්රයේදී ආරම්භ විය.
මෙවර වෙන්දේසිය සඳහා දේශීය ක්රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්රීඩකයින් 242 දෙනෙකු ඇතුළුව සමස්ත ක්රීඩකයින් 421 දෙනෙකු ඉදිරිපත්ව සිටිති. මෙවර ක්රීඩක කෙටුම්පත සඳහා Platinum, Gold සහ Classic යන ප්රධාන කාණ්ඩ යටතේ ක්රීඩකයින් වර්ගීකරණය කර ඇත.
මෙරට ක්රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව ඇති මෙම ක්රීඩක වෙන්දේසිය හරහා මෙවර තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම් ශක්තිමත් කෙරෙනු ඇත.
















