ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් වූ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (2026 ජූනි 01) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව ඒ මහතා සංකේතාත්මකව තම රාජකාරි ආරම්භ කළේය. මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. මෙම පත්වීමට පෙර එතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ අතර, වර්තමානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.
















