2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිලධාරීන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 01) තීන්දු කළේය.
මීට පෙර මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබා දී තිබූ තීන්දුව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම තීරණයත් සමඟ අදාළ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහි නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට නීතිමය අවකාශය නැවත හිමිවනු ඇත.
















