සෞඛ්‍ය අංශවලට අනුව, මෙම වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වාර්තා වී තිබේ. මැයි මාසයේදී පමණක් රෝගීන් 8,321ක් වාර්තා වී ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා ප්‍රකාශ කරයි.කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත. සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මීට අමතරව දකුණු පළාතෙන් 16%ක් සහ සබරගමුව පළාතෙන් 9%ක් වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බව වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පෙන්වා දෙයි. දැනට ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශ 72ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
















