අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දන්සැල් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ අද දිනයේ ද දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවයි.
පසුගිය දින දෙක තුළ දන්සැල් සංවිධානය කළ ඇතැම් සංවිධායකවරුන්, දන්සැල පැවැත්වූ පරිශ්‍රය නිසි ආකාරයෙන් පිරිසිදු කර නොමැති බවට වාර්තා වී ඇත. එම කරුණ සම්බන්ධයෙන් යළි සොයා බලා, නියමිත පරිදි පරිශ්‍ර පිරිසිදු නොකළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කරයි.
















