තායිලන්තය විසින් 2001 වසරේ ඇතිකරගත් සමුද්‍රීය ගිවිසුම අවසන් කිරීමෙන් පසු, කාම්බෝජය විසින් එම දේශසීමා ආරවුල නිරාකරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනිවාර්ය සංහිඳියා ක්‍රියාවලියක් (compulsory conciliation process) ආරම්භ කර තිබේ.
ගැටුම් පවතින මෙම සමුද්‍රීය කලාපය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 300ක පමණ වටිනාකමකින් යුත් තෙල් සහ ස්වාභාවික වායු සම්පත් පවතින බවට ඇස්තමේන්තු කර ඇත.
තායිලන්තය විසින් කාම්බෝජය සමඟ පැවති 2001 දේශසීමා සාකච්ඡා රාමුව ඒකපාර්ශ්විකව අවසන් කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලිය යටතේ තායිලන්තයට මැදිහත්කරුවන් (conciliators) පත් කිරීම සඳහා දින 21ක කාලයක් ලබා දී ඇති බව කාම්බෝජය පවසයි.කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මැනෙට් පවසන්නේ ජාත්‍යන්තර නීතියට අනුකූලව කාම්බෝජයේ ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.මෙම ගිවිසුම අවලංගු කිරීම තායි අග්‍රාමාත්‍ය අනුටින් චර්න්විරාකුල්ගේ මැතිවරණ පොරොන්දුවක කොටසක් වන අතර, පසුගිය වසරේ දේශසීමා ආශ්‍රිතව සිදුවූ ගැටුම්වලින් පසු වර්ධනය වූ ජාතිකවාදී මතවාදයන් මත මෙය සිදුව ඇත.
















