වර්තමානයේ පවතින ගෝලීය දේශපාලනික තත්ත්වය සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වී ඇති අර්බුද හමුවේ රටක් ලෙස මෙන්ම ලෝකයක් ලෙස මුහුණ දීමට සිදුව ඇති අභියෝගය කොවිඩ් වසංගත සමයටත් වඩා බරපතළ සහ සංකීර්ණ එකක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත සමයේදී රටවල් අගුලු දැමීම සහ ආර්ථික කටයුතු අකර්මණ්‍ය වීම සිදු වුවද, වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය ඊට වඩා වැඩි අභියෝගාත්මක ස්වභාවයක් ගන්නා බවයි. ලෝක දේශපාලන බල අරගල සහ ඉන් පැන නැගී ඇති ආර්ථික බලපෑම් හේතුවෙන් වත්මන් තත්ත්වය තීරණාත්මක වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අර්බුදකාරී තත්ත්වය තුළ රටේ ස්ථාවරත්වය සහ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් විමසිලිමත්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
















