දිට්වා ආපදාව හේතුවෙන් සිය නිවාස අහිමි වූ සහ දැනට පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා ලබා දෙන ගෙවල් කුලී දීමනාව තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මීට පෙර මෙම දීමනාව මාස 6ක කාලයක් සඳහා ලබා දීමට තීරණය කර තිබූ අතර, සිය නිවාස ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචිව සිටින පවුල්වලට සහනයක් සැලසීමේ අරමුණින් මෙම කාලසීමාව මාස 9 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
මෙම තීරණයත් සමඟ ආපදාවට ලක්වූ පවුල්වලට තම නිවාස ඉදිකිරීමේ කටයුතු අවසන් වන තෙක් අඛණ්ඩව කුලී දීමනාව ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
















