ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙම යෝජනාව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
අධ්‍යාපනික හුවමාරුව, වෘත්තීය පුහුණුව, ඒකාබද්ධ පර්යේෂණ, ආචාර්ය මණ්ඩල සංවර්ධනය සහ දැනුම බෙදා ගැනීම වැනි ක්ෂේත්‍රවල ආයතනික සහයෝගිතාව සඳහා ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. මෙම හවුල්කාරිත්වය විධිමත් කිරීම සඳහා නීතිපතිවරයාගේ නිරීක්ෂණ ද ඇතුළත් කරමින් අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත් කර තිබේ.
















