ශ්‍රී ලංකාවේ තෝරාගත් ආකර්ෂණීය නගර ආදර්ශ නගර ලෙස ප්‍රතිසංවර්ධනය කිරීමට සහ නගර සන්නාමකරණය (City Branding) හරහා සංචාරක ආකර්ෂණය වැඩිකිරීමට 2026 අයවැය මගින් රුපියල් මිලියන 1,300ක මුදලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කර ඇත.
නගර සන්නාමකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරය, කතරගම, කොළඹ හා මහනුවර යන නගරවල අනන්‍යතාව ඉස්මතු වන පරිදි ප්‍රතිසංවර්ධනය කිරීමට නියමිත අතර, 2026 වර්ෂය සඳහා ඒ සඳහා වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 325කි. නගර 10ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන නගරවල ප්‍රමුඛතාගත ව්‍යාපෘති 217ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නගර සන්නාමකරණ ව්‍යාපෘතියෙන් ඉතිරි වන රුපියල් මිලියන 975ක් සහ හැටන් හා මාතලේ සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් මිලියන 500ක් ද ඇතුළුව සම්පූර්ණ රුපියල් මිලියන 1,475ක් යෙදවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
















