පාසල් සිසුන්ගේ අවධානය සහ හැසිරීම කෙරෙහි ජංගම දුරකථනවලින් සිදුවන බලපෑම් පිළිබඳ පවතින සැලකිල්ල හේතුවෙන්, වයස අවුරුදු 16ට අඩු සිසුන්ට පාසල් පරිශ්‍රය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට පෝලන්ත රජය පියවර ගෙන ඇත. මෙම තහනම සැප්තැම්බර් 1 වන දින සිට බලාත්මක වීමට නියමිතය.වයස අවුරුදු 7ත් 15ත් අතර දරුවන්ට පාසල් වේලාව තුළ සහ විවේක කාලයේදී පවා දුරකථන භාවිතය තහනම් කෙරෙන අතර, පාසල්වල දුරකථන ගබඩා කිරීම සඳහා නීතිමය පදනමක් ද සකස් කෙරේ. දරුවන්ගේ ඇබ්බැහිවීම් සහ එයින් සිදුවිය හැකි විනාශකාරී ප්‍රතිවිපාක වැළැක්වීම සඳහා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මෙම මෙවලම ලබා දෙන බව අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කළේය. ජංගම දුරකථන තහනමට අමතරව, අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන වෙත දරුවන් පිවිසීම සීමා කිරීම සඳහා දැඩි වයස් සත්‍යාපන නීති හඳුන්වා දීමට ද පෝලන්තය සැලසුම් කර ඇත. මෙම පියවර සඳහා ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය විසින් වෙනම පනත් කෙටුම්පතක් යෝජනා කර ඇති අතර, ඒ අනුව අසභ්‍ය දර්ශන පිරිනමන වෙබ් අඩවි සඳහා නව බැඳීම් පැනවීමට නියමිතය.
















