ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක මිල්ටන් ඩික් (Milton Dick) මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර නිල හමුවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමු විය. මීට අමතරව, දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉහළ නංවාලීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
















